Search This Blog

Tuesday, June 12, 2018

King Vijaya - විජය රජතුමා

Reign : 543 - 505 BC
Father :  Sinhabahu
Mother : sinhaseevali
Brother : Sumitththa
Born : Sinhapura, Lala kingdom, India
Spouse : Kuweni (Sri lanka) 
Children : Son Jeewahaththa, Daughter Disala
Second spouse : Daughter of King Pandava of Madurapura in India

ශ්‍රී ලංකාවේ රාජ නාමාවලිය ඇරඹෙන්නේ විජය රජුගෙන්ය.

රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 543 - 505
පියා : සිංහබාහු
මව : සිංහසීවලී
සොහොයුරා : සුමිත්ත
වාසය කළේ : ඉන්දියාවේ ලාට රට, සිංහපුර නගරය.
බිරිඳ : කුවේණි 
දරුවන් : ජීවහත්ත පුතා, දිසාලා දියණිය
දෙවන බිරිඳ : මදුරා පුර පඬි රජුගේ දියණිය


තරුණ විජය කුමරා මුරණ්ඩු ගතිගුණ ඇති පුද්ගලයෙකු විය. තම යහළුවන් හා එක්ව ජනතාවට හිරිහැර වන ලෙස හැසිරීම නිසා රජතුමා විසින් කුමාර සහ ඔහුගේ යහළුවන් හත්සියයක් පමණ පිරිස රටින් පිටුවහල් කළේය. නැවක නංවා රටෙන් පිට කළ පිරිස මුහුදේ යාත්‍රා කරමින් ලංකාවේ වයඹ දිග මුහුදු තීරයේ තම්මැන්නාව ප්‍රදේශයට ලගා විය. වෙරළට ගොඩබට පිරිස වෙහෙස නිසා වැල්ලේ වැතිරී සිට පසුව බලන විට දෑත් තඹ පැහැගැන්වී තිබුණ නිසා එම පෙදෙස තම්බපණ්ණී (තම්මැන්නා) ලෙස නම් කරන ලද බව සඳහන් වේ.

රට ඇතුළට ගිය කුමරාට යක්ෂ ගෝත්‍රික රැජිනක වූ කුවේණි (කුවණ්ණා) මුණි ගැසිණි. කුවේණියගේ උදව්වෙන් යක්ෂ ගෝත්‍රිකයන් විනාශ කර, ඇයව තම අග බිසව පත්කරගත් විජය තම්බපණ්ණිය අගනුවර කරගෙන ලංකාවේ රජවිය. පසුව ඇමතිවරුන්ගේ උපදෙස් අනුව කුවේණිය මාළිගාවෙන් පිටත් කර, මදුරා පුරයෙන් කුමරියක් ගෙන්වා විවාහ කරගන්නා ලදි. 

දරු දෙදෙනා සමග මාළිගයෙන් පිට වූ කුවේණිය, දරුවන් අතරමග නවතා නැවත තම නෑදෑයින් වෙත ගියාය. ඇයත් සමග කෝපයෙන් සිටි යක්ෂ ගෝත්‍රිකයන් ඇයට පහර දීමෙන් ඇය මිය ගියාය. වනගත වූ දරුවන් දෙදෙනාගෙන් වැද්දන් පැවත එන බව පැවසේ.

වසර 38 ක් රජකම් කල විජය රජු මිය ගියේය. රජකමට උරුමකරුවෙක් නොවූයෙන් සිංහපුර, සුමිත්ත කුමරුට රජකම භාරගන්නා ලෙස පණිවිඩ යැවීය. නමුත් ඔහු ඒ වනවිට සිංහපුර රජ බවට පත්වී සිටි නිසා, ඔහුගේ බාල පුත් පඬුවස්දෙව් කුමරා ලංකාවට එවන ලදි. ඒ අතරතුර කාලය විජය රජුගේ ප්‍රධාන ඇමති උපතිස්ස විසින් රාජ්‍ය විචාරණ ලදි.

Elara / එළාර

 Reign Period: B.C. 205 - 161 Elara was a Soli king who came from South India. He came with a large army, defeated King Asela, and gained th...