Search This Blog

Wednesday, December 22, 2021

King Maha Siva / මහා සිව රජතුමා

Reign     : B.C. 257-247

Kingdom : Anuradhapura

Father      :  King Mutaseeva
Brothers   : Abhaya, Devanampiyatissa, Mahanaga, Uttiya, Meththabhaya, Mitta, Asela,
                 Keera, Tissa
Sisters     : Anula, Seevali


Prince Maha Siva was a younger brother of king Devanampiyatissa and Uttiya. King Uttiya also had not son. So prince Maha Sive became the king, after king Uttiya. 

He ruled the country for 10 years.


රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 257 - 247
රාජධානිය : අනුරාධපුරය
පියා : මුටසීව රජතුමා
සහෝදරයින් : අභය, දේවානම්පියතිස්ස, මහානාග, උත්තිය, මෙත්තාභය, මිත්ත, අසේල, කීර හා තිස්ස 
සහෝදරියන් : අනුලා, සීවලී 
 

මහා සිව කුමරා, දේවානම්පියතිස්ස හා උත්තිය රජවරුන්ගේ බාල සහෝදරයෙකි. උත්තිය රජුට ද පුතෙකු නොමැති වූ නිසා එතුමාගෙන් පසුව මහා සිව කුමරුට රජකම හිමි විය. ඔහුගේ රාජ්‍ය කාලය වසර 10 කි.


Sunday, December 19, 2021

King Uttiya - උත්තිය රජතුමා

Reign : B.C. 267-257
Kingdom : Anuradhapura
Father :  King Mutaseeva
Spouse : Abi-anuradha prince
Brothers   : Abhaya, Devanampiyatissa, Mahanaga, Meththabhaya, Mitta, Siva, Asela,
                 Keera, Tissa
Sisters     : Anula, Seevali


Prince Uttiya was a younger brother of king Devanampiyatissa. After Devanampiyatissa, prince Uttiya became the ruler of Sri lanka, because of Devanampiyatissa's only son died in childhood.

In the 8th year of the reign of king Uttiya,  Arhat Mahinda thero was died in 259 BC. Also Arhat Sangamitta theri was died in 258 BC. King Uttiya organized a state funeral for Arhat Mahinda thero and built the Mihintale Stupa. 

"Isibhumanganaya" was the place where Arhat Mahinda theros' cremation was done. And  Arhat Sangamiththa theris' cremation was held at "Chiththashala" .

රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 267 - 257
රාජධානිය : අනුරාධපුරය
පියා : මුටසීව රජතුමා
බිරිඳ : අබි අනුරාධා දේවිය
දියණිය : දේවි කුමරිය
සහෝදරයින් : අභය, දේවානම්පියතිස්ස, මහානාග, මෙත්තාභය, මිත්ත, සිව, අසේල, කීර හා තිස්ස 
සහෝදරියන් : අනුලා, සීවලී 
 


දේවානම්පියතිස්ස රජුට දරුවන් නොසිටි නිසා එතුමාගෙන් පසුව රජකම හිමි වුයේ උත්තිය කුමරුටයි. ඔහු රජ වී අටවැනි වසරේදී එනම් ක්‍රි. පූ. 259 දී මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ  සේක. 

උන්වහන්සේගේ ධාතු නිදන් කොට මිහින්තලා ස්ථූපය ගොඩනඟන ලදී. එමෙන්ම මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා දිවයිනේ විවිධ ආගමික ස්ථානවලට යවා නිධන් කොට ස්ථූප ගොඩනැංවීමට කටයුතු කරන ලද්දේය. උන්වහන්සේ ආදාහනය කළ ස්ථානය "ඉසිභුමංගනය" නම් විය.

මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා වසරකට පසු එනම් ක්‍රි. පූ. 258 දී සංඝමිත්තා තෙරණින් වහන්සේද පිරිනිවන් පෑ  සේක. සංඝමිත්තා තෙරණින් වහන්සේ ආදාහනය කළ ස්ථානය "චිත්තශාලා" නම් වුයේය. 

උත්තිය රජතුමා වසර 10 ක් රජකම් කළ අතර එම කාලය ඉතා යහපත් හා සාමකාමී එක්ක විය. 



Prince Maha Siva was a younger brother of king Devanampiyatissa and Uttiya. King Uttiya also had not son. So prince Maha Sive became the king, after king Uttiya. 

He ruled the country for 10 years.









Elara / එළාර

 Reign Period: B.C. 205 - 161 Elara was a Soli king who came from South India. He came with a large army, defeated King Asela, and gained th...