Search This Blog

Tuesday, June 11, 2019

King Devanampiyathissa - දේවානම්පියතිස්ස රජතුමා

රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 307 - 267
රාජධානිය : අනුරාධපුරය
පියා : මුටසීව රජතුමා
සහෝදරයින් : අභය, මහානාග, උත්තිය, මෙත්තාභය, මිත්ත, සිව, අසේල, කීර හා තිස්ස 
සහෝදරියන් : අනුලා, සීවලී 


මෙම රජතුමාගේ කාලය තුල මහින්දාගමනය සිදුවිය. දේවානම්පියතිස්ස රජු හා ඉන්දියාවේ රජ කල ධර්මාශෝක අධිරාජයා අතර මිත්‍රත්වයක් තිබුණි. ඒ අනුව ධර්මාශෝක අධිරාජයා බුදු සසුන ව්‍යාප්ත කිරීම සඳහා ධර්මදූතයන් වහන්සේලා විවිධ ප්‍රදේශවලට පිටත් කර යැව්වේය. එතුමාගේ පුත්‍රයා වූ මහින්ද (මිහිඳු) මහරහතන් වහන්සේ ලංකාවට බුදු දහම රැගෙන වැඩිසේක.

දේවානම්පියතිස්ස රජු බුදුන්වහන්සේගේ "අකුධාතුව" නිධන් කරවා සෑදූ ථූපාරාම දාගැබ. වෙස්සගිරිය, පඨමථූපය, ජම්බුකොල විහාරය, මහාපාලි දාන ශාලාව, හත්ථාල්හක විහාරය, කාල ප්‍රාසාද පිරිවෙන, සුණ්හාක පිරිවෙන ආදී ආගමික සිද්ධස්ථාන ගණනාවක් කර විය. මහමෙව්නා උයන මිහිඳු හිමියන්ට පූජා කළේය.

සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් මෙරටට වැඩමවූ ශ්‍රී මහා බෝධි ශාඛාව මහමෙව්නා උයනේ රෝපණය කරන ලදී.

ශ්‍රී ලංකාවේ බුදු සසුන ස්ථාපිත කොට බෞද්ධ රාජ්‍යක් බවට පත්කළේය. දහමින් හා සමයෙන් රට පාලනය කල දේවානම්පියතිස්ස රජතුමා වසර 40 ක් රජකම් කළේය.

Rulling time : B.C. 307 -267
Kingdom : Anuradhapura
Father :  King Mutaseeva

Brothers   : Abhaya, Mahanaga, Uttiya, Meththabhaya, Mitta, Siva, Asela,
                 Keera, Tissa
Sisters     : Anula, Seevali


King Devanampiyathissa was a best friend of  Emperor Dharmashoka in India. The Emperor wanted to spread the Buddhism to neighboring countries. He sent his son, Mahinda Thero to Sri lanka. King Devanampiyathissa established Buddhism in Sri Lanka and ruled the country with Buddhist teaching.

He constructed Thuparama Stupa, the first stupa which enshrined the right collor bone of the Lord Buddha.

Planted the Sacred Shri Maha Bodhi (under which the Lord Buddha attained enlightenment) in Mahamevna Park.

He ruled the country for 40 years. It was peaceful and prosperous time in the country.





Thursday, March 14, 2019

King Mutaseeva - මුටසීව රජතුමා

රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 367 - 307
රාජධානිය : අනුරාධපුරය
පියා : පණ්ඩුකාභය රජතුමා
මව : ස්වර්ණපාලී කුමරිය
දරුවන්  : අභය, දේවානම්පිය තිස්ස, මහානාග, උත්තිය, මෙත්තාභය, මිත්ත, සිව, අසේල,කීර, තිස්ස, අනුලා, සීවලී

මෙම රජතුමාගේ කාලය සාමකාමී කාලයක් විය. මෙතුමා අනුරාධපුර නගරය තුල "මහා මේඝ වනෝද්‍යානය (මහමෙව්නා)" සහ අනුරාධපුර නගරයේ දකුණු පසින් "නන්දන උද්‍යානය" පිහිටවනු ලැබීය. මෙතුමා වසර 60 ක් රාජ්‍ය පාලනය කළේය.

Rulling time : B.C. 367-307
Kingdom : Anuradhapura
Father :  King Pandukabhaya
Mother : Queen Swarnapali
Children : Abhaya, Devanampiya thissa, Mahanaga, Uththiya, Meththabhaya, Miththa, Siva, Asela,                     Keera, Thissa, Anula and Seevali

It was peacefull time in the kingdom. He established "Maha Megha Park (Mahamewna)" in the city and "Nandana park" in the south of the city. He ruled 60 years.


Elara / එළාර

 Reign Period: B.C. 205 - 161 Elara was a Soli king who came from South India. He came with a large army, defeated King Asela, and gained th...