Search This Blog

Tuesday, November 13, 2018

King Pandukabhaya - පණ්ඩුකාභය රජතුමා

රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 437 - 367
රාජධානිය : අනුරාධපුරය
පියා : දීඝගාමිණී  (භද්දකච්චාන දේවියගේ සොයුරෙකු වූ දීඝායු කුමරාගේ පුතා )
මව : චිත්‍රා කුමරිය
බිරිඳ : ස්වර්ණපාලී කුමරිය (පණ්ඩුකාභය රජුගේ මාමා කෙනෙකු වූ ගිරිකණ්ඩසිවගේ දියණිය)

අනුරාධපුර රාජධානියේ ආරම්භක පාලකයා මෙතුමාය. පණ්ඩුකාභය රජතුමා රාජ්‍යත්වය ලබාගැනීම සදහා තම මාමාවරුන් සමග කල සටනින් අභය හා ගිරිකණ්ඩසිව යන දෙදෙනා හැර අනෙක් සියලුම මාමාවරු මරා දමන ලදී. 

එතුමා අනුරාධපුර නගරය ක්‍රමවත්ව ඉදිකර, දිවයින මුළුල්ලේ ග්‍රාම සීමා නියම කළේ ය. 

තමාට පිහිට වූ චිත්තරාජ, කාලවේල යන යක්ෂ ගෝත්‍රිකයින් වෙනුවෙන් දෙවොල් පිහිටවුයේය. තවද නිගණ්ඨයින්, බ්‍රාහ්මණයින්, පරිබ්‍රජිකයින් හා ආජිවකයින් උදෙසා ද ආගමික ස්ථාන ඉදිකොට දුන්නේය.

"අභයවාපී" (බසවක්කුලම) නම් වැව කරවුවේය.

මෙතුමාගේ රාජ්‍ය කාලය ඉතා සමෘද්ධිමත් විය. පණ්ඩුකාභය රජතුමා වසර 70 ක් රජකම් කළේ ය.

Rulling Period : B.C. 437 - 367
Kingdom : Anuradhapura
Father : Deegagamini (Son of Deegayu who was brother of Baddakachchana)
Mother : Chithra (Daughter of king Paduwasdev)
Spouse : Princess Swarnapali (daugter of Girikandasiva who was an uncle of Pandukabhaya)

King Pandukabhaya was the first king in Anuradhapura kingdom. He fought with his uncles to gain the kingship. He killed the all uncles except Abhaya and Girikandasiva.

He built Anuradhapura as a regular city. He marked out village boundaries in all over the country.

He built temples for Chiththaraja and Kalawela, who helped him. Also made temples for other religious.

King Pandukabhaya built the first tank, named "Abhayavapi" (Basawakkulama).

His regal period was very prosperous time in the country. He ruled 70 years.

King Abhaya - අභය රජතුමා

Reign : 474 - 454 BC
Kingdom : Upatissa Nuwara
Father : Paduvasdev
Mother : Baddakachchana

රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 474 - 454
රාජධානිය : උපතිස්ස නුවර
පියා : පඬුවස්දෙව්
මව : භද්දකච්චානා

පඬුවස්දෙව් රජතුමාගෙන් පසු ඔහුගේ වැඩිමහල් පුත් අභය කුමරා ක්‍රි.පූ. 474 දී රාජ්‍යත්වයට පත්විය.

Tuesday, July 31, 2018

King Paduvasdev - පඬුවස්දෙව් රජතුමා

Reign : 504 - 474 BC
Kingdom : Upatissa Nuwara
Father : Sumiththa
Mother :
Born : Sinhapura, Lata kingdom, India
Spouse : Baddakachchana 
Children : Ten sons including Abhaya, Tissa, Girikandasiva and daughter Chithra
  
රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 504 - 474
රාජධානිය : උපතිස්ස නුවර
පියා : සුමිත්ත
මව :
වාසය කළේ : ඉන්දියාවේ ලාට රට, සිංහපුර නගරය.
බිරිඳ : භද්කච්චානා (දඹදිව ශාක්‍ය වංශික පණ්ඩුශාක්‍ය රජුගේ දියණිය)
දරුවන් : අභය, තිස්ස, ගිරිකණ්ඩසිව ඇතුළු පුතුන් දස දෙනෙක් සහ චිත්‍රා දුව

පඞුවස්දෙව් රජුට විවාහ වීමට රාජකුමරියක් ලෙස දඹදිව පණ්ඩුශාක්‍ය රජුගේ දියණිය වූ භද්දකච්චානා කුමරිය මෙරටට ගෙන්වා ගන්නා ලදි. ඇයත් සමග ඇයගේ සොහොයුරෝ හයදෙනෙක්ද, තවත් කුමාරිකාවන්ද පැමිණියෝය. පඞුවස්දෙව් රජු වසර තිහක් රජකම් කරන ලදි.


Tuesday, June 12, 2018

King Vijaya - විජය රජතුමා

Reign : 543 - 505 BC
Father :  Sinhabahu
Mother : sinhaseevali
Brother : Sumitththa
Born : Sinhapura, Lala kingdom, India
Spouse : Kuweni (Sri lanka) 
Children : Son Jeewahaththa, Daughter Disala
Second spouse : Daughter of King Pandava of Madurapura in India

ශ්‍රී ලංකාවේ රාජ නාමාවලිය ඇරඹෙන්නේ විජය රජුගෙන්ය.

රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 543 - 505
පියා : සිංහබාහු
මව : සිංහසීවලී
සොහොයුරා : සුමිත්ත
වාසය කළේ : ඉන්දියාවේ ලාට රට, සිංහපුර නගරය.
බිරිඳ : කුවේණි 
දරුවන් : ජීවහත්ත පුතා, දිසාලා දියණිය
දෙවන බිරිඳ : මදුරා පුර පඬි රජුගේ දියණිය


තරුණ විජය කුමරා මුරණ්ඩු ගතිගුණ ඇති පුද්ගලයෙකු විය. තම යහළුවන් හා එක්ව ජනතාවට හිරිහැර වන ලෙස හැසිරීම නිසා රජතුමා විසින් කුමාර සහ ඔහුගේ යහළුවන් හත්සියයක් පමණ පිරිස රටින් පිටුවහල් කළේය. නැවක නංවා රටෙන් පිට කළ පිරිස මුහුදේ යාත්‍රා කරමින් ලංකාවේ වයඹ දිග මුහුදු තීරයේ තම්මැන්නාව ප්‍රදේශයට ලගා විය. වෙරළට ගොඩබට පිරිස වෙහෙස නිසා වැල්ලේ වැතිරී සිට පසුව බලන විට දෑත් තඹ පැහැගැන්වී තිබුණ නිසා එම පෙදෙස තම්බපණ්ණී (තම්මැන්නා) ලෙස නම් කරන ලද බව සඳහන් වේ.

රට ඇතුළට ගිය කුමරාට යක්ෂ ගෝත්‍රික රැජිනක වූ කුවේණි (කුවණ්ණා) මුණි ගැසිණි. කුවේණියගේ උදව්වෙන් යක්ෂ ගෝත්‍රිකයන් විනාශ කර, ඇයව තම අග බිසව පත්කරගත් විජය තම්බපණ්ණිය අගනුවර කරගෙන ලංකාවේ රජවිය. පසුව ඇමතිවරුන්ගේ උපදෙස් අනුව කුවේණිය මාළිගාවෙන් පිටත් කර, මදුරා පුරයෙන් කුමරියක් ගෙන්වා විවාහ කරගන්නා ලදි. 

දරු දෙදෙනා සමග මාළිගයෙන් පිට වූ කුවේණිය, දරුවන් අතරමග නවතා නැවත තම නෑදෑයින් වෙත ගියාය. ඇයත් සමග කෝපයෙන් සිටි යක්ෂ ගෝත්‍රිකයන් ඇයට පහර දීමෙන් ඇය මිය ගියාය. වනගත වූ දරුවන් දෙදෙනාගෙන් වැද්දන් පැවත එන බව පැවසේ.

වසර 38 ක් රජකම් කල විජය රජු මිය ගියේය. රජකමට උරුමකරුවෙක් නොවූයෙන් සිංහපුර, සුමිත්ත කුමරුට රජකම භාරගන්නා ලෙස පණිවිඩ යැවීය. නමුත් ඔහු ඒ වනවිට සිංහපුර රජ බවට පත්වී සිටි නිසා, ඔහුගේ බාල පුත් පඬුවස්දෙව් කුමරා ලංකාවට එවන ලදි. ඒ අතරතුර කාලය විජය රජුගේ ප්‍රධාන ඇමති උපතිස්ස විසින් රාජ්‍ය විචාරණ ලදි.

Wednesday, May 23, 2018

ශ්‍රී ලංකාවේ රාජ නාමාවලියේ මුලින්ම සිටින්නේ විජය රජතුමාය. නමුත් එයටත් පෙර සිටම ලංකාව ජනාවාසව පැවති බවට සාක්ෂි ඇත. විජය රජු මෙරටට පැමිණෙන විටත් යක්ෂ, නාග වැනි ගෝත්‍ර වලට අයත් මිනිසුන් මෙරට ජනාවාස සාදාගෙන ජීවත්වූහ. බුදුරජානන් වහන්සේගේ ලංකාගමනයන් මගින්ද මෙරට ජනතාව විසූ බවට සාක්ෂි ලැබේ. තවද විජය රජු මෙරටට පැමිණීමට පෙර සිටම භාරතයේ උතුරු ප්‍රදේශයේ සිට ආර්යයෝ ලංකාවට සංක්‍රමණය වී ඇත. වෙළදාම සදහා මෙන්ම පදිංචිය සදහා ද මෙසේ පැමිණි පිරිස් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පදිංචි වූහ.

Tuesday, May 22, 2018

ඉතිහාසය ගැන තොරතුරු ලබාදෙන මූලාශ්‍ර

ඉතිහාසය හැදෑරීමේ දී සාහිත්‍ය මූලාශ්‍රවලට වැදගත් තැනක් හිමිවේ. ශ්‍රී ලංකා ඉතිහාසය ගැන ලියවී ඇත මූලාශ්‍ර,

දීපවංශය - සිව්වැනි ශතවර්ෂයේ දී ලියා අවසන් කර ඇත. කතුවරයා නොදනී.

සමන්ත පාසාදිකාව - මහානාම රජුගේ කාලයේදී (ක්‍රි.ව. 406-428) ලියා අවසන් කර ඇත. කතුවරයා අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ය.

මහාවංශය - කතුවරයා මහානාම හිමියන්ය. සිංහල රාජවංශය ආරම්භ වීමට පෙර සිට තොරතුරුත්, විජයගේ පැමිණීමේ සිට මහසෙන් රජතුමාගේ කාලය දක්වා ලියවී ඇත.

චූලවංශය - මහාවංශය ලියා අවසන් කල තැන සිට ආරම්භ වේ. චූලවංශයේ මුල් කොටස ධම්මකිත්ති නම් භික්ෂූන් වහන්සේ නමක් රචනා කරන ලදැයි දැක්වේ.

වංසත්ථජපකාසිනී, මහා - බෝධිවංසය, පූජාවලිය, දළදා පූජාවලිය, ථූපවංසය, ධාතුවංසය, නිකාය සංග්‍රහය සහ රාජාවලිය යන ග්‍රන්ථ ද ඉතිහාස මූලාශ්‍ර වේ.

විදේශීය සාහිත්‍ය කෘති, ලංකාවට සංචාරය පිණිස පැමිණි දේශාටකයින්ගේ සටහන් හා ලිපි ලේඛන වලින් ද ඉතිහාස තොරතුරු ලබාගත හැකිය.

මෙගස්තීනිස්, ඉරටොස්තිනීස්, ප්ලිනි, ටොලමි, සුලයිමන්, කොස්මස් වැනි විදේශීය ලේඛකයින්ගේ කෘතිවල ශ්‍රී ලංකාව ගැන තොරතුරු ඇතුලත් වේ.  ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් හිමි, හියුං ත් සාං හිමි වැනි අය තමා දුටු හා ලබාගත් අත්දැකීම් වලින් ලංකාව ගැන විස්තර ඔවුන්ගේ වාර්තා වල ඇතුලත් කර තිබේ.

ශිලා ලේඛන වලින් ද ඓතිහාසික තොරතුරුවල සත්‍යතාව තහවුරු වේ. ලංකා ඉතිහාසය හැදෑරීමේ දී ඉතා පෞරාණික හා විශ්වාසිදායි මූලාශ්‍ර ලෙස ශිලා ලේඛන සලකනු ලබයි. රාජ්‍ය පාලකයින් රජ කළ කාල වකවානු, ඔවුන්ගේ රාජ්‍ය නාමයන්, ඔවුන් ඉදිකල වැව්, පොකුණු, ගොඩනැගිලි, වෙහෙර විහාර ආදිය පිළිබද සෙල්ලිපි වල සදහන් වේ.

ඊට අමතරව විවිධ යුගවලදී නිකුත් කල කාසි, පැරණි රාජධානිවල ඉතිරි වී තිබෙන නටබුන් මගින්ද ඓතිහාසික තොරතුරු ලබා ගත හැකිය.

Monday, May 7, 2018

ශ්‍රී ලංකාවේ රාජධානි / Kingdoms of Ancient Sri lanka

  • Anuradhapura - අනුරාධපුරය
  • Pollonnaruwa - පොළොන්නරුව
  • Dabedeniya - දඹදෙණිය
  • Yapahuva - යාපහුව
  • kurunegala - කුරුණෑගල
  • Gampola - ගම්පොල
  • Raigama - රයිගම
  • Kotte - කෝට්ටේ
  • Sitawaka - සීතාවක
  • Senkadagala (Kandy) - සෙන්කඩගල (මහනුවර)

Elara / එළාර

 Reign Period: B.C. 205 - 161 Elara was a Soli king who came from South India. He came with a large army, defeated King Asela, and gained th...