ඉතිහාසය හැදෑරීමේ දී සාහිත්‍ය මූලාශ්‍රවලට වැදගත් තැනක් හිමිවේ. ශ්‍රී ලංකා ඉතිහාසය ගැන ලියවී ඇත මූලාශ්‍ර,
දීපවංශය - සිව්වැනි ශතවර්ෂයේ දී ලියා අවසන් කර ඇත. කතුවරයා නොදනී.
සමන්ත පාසාදිකාව - මහානාම රජුගේ කාලයේදී (ක්‍රි.ව. 406-428) ලියා අවසන් කර ඇත. කතුවරයා අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ය.
මහාවංශය - කතුවරයා මහානාම හිමියන්ය. සිංහල රාජවංශය ආරම්භ වීමට පෙර සිට තොරතුරුත්, විජයගේ පැමිණීමේ සිට මහසෙන් රජතුමාගේ කාලය දක්වා ලියවී ඇත.
චූලවංශය - මහාවංශය ලියා අවසන් කල තැන සිට ආරම්භ වේ. චූලවංශයේ මුල් කොටස ධම්මකිත්ති නම් භික්ෂූන් වහන්සේ නමක් රචනා කරන ලදැයි දැක්වේ.
වංසත්ථජපකාසිනී, මහා - බෝධිවංසය, පූජාවලිය, දළදා පූජාවලිය, ථූපවංසය, ධාතුවංසය, නිකාය සංග්‍රහය සහ රාජාවලිය යන ග්‍රන්ථ ද ඉතිහාස මූලාශ්‍ර වේ.
විදේශීය සාහිත්‍ය කෘති, ලංකාවට සංචාරය පිණිස පැමිණි දේශාටකයින්ගේ සටහන් හා ලිපි ලේඛන වලින් ද ඉතිහාස තොරතුරු ලබාගත හැකිය.
මෙගස්තීනිස්, ඉරටොස්තිනීස්, ප්ලිනි, ටොලමි, සුලයිමන්, කොස්මස් වැනි විදේශීය ලේඛකයින්ගේ කෘතිවල ශ්‍රී ලංකාව ගැන තොරතුරු ඇතුලත් වේ. ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් හිමි, හියුං ත් සාං හිමි වැනි අය තමා දුටු හා ලබාගත් අත්දැකීම් වලින් ලංකාව ගැන විස්තර ඔවුන්ගේ වාර්තා වල ඇතුලත් කර තිබේ.
ශිලා ලේඛන වලින් ද ඓතිහාසික තොරතුරුවල සත්‍යතාව තහවුරු වේ. ලංකා ඉතිහාසය හැදෑරීමේ දී ඉතා පෞරාණික හා විශ්වාසිදායි මූලාශ්‍ර ලෙස ශිලා ලේඛන සලකනු ලබයි. රාජ්‍ය පාලකයින් රජ කළ කාල වකවානු, ඔවුන්ගේ රාජ්‍ය නාමයන්, ඔවුන් ඉදිකල වැව්, පොකුණු, ගොඩනැගිලි, වෙහෙර විහාර ආදිය පිළිබද සෙල්ලිපි වල සදහන් වේ.
ඊට අමතරව විවිධ යුගවලදී නිකුත් කල කාසි, පැරණි රාජධානිවල ඉතිරි වී තිබෙන නටබුන් මගින්ද ඓතිහාසික තොරතුරු ලබා ගත හැකිය.

No comments:
Post a Comment