Search This Blog

Friday, May 13, 2022

Sena - Guttika (two Tamil horse traders)/ සේන - ගුත්තික

Sena and Guttika were two brothers and they were the sons of a horse dealer in India. They came to Sri Lanka for trade in the tenth year of the reign of King Suratissa and seized power. They ruled the country for 22 years. 

සේන, ගුත්තික සොහොයුරන් වූ අතර ඔවුන් ඉන්දියාවේ අශ්ව වෙළෙන්දෙකුගේ පුත්‍රයන් විය. සූරතිස්ස රජුගේ දස වන රාජ්‍ය වර්ෂයේදී වෙළදාම සඳහා ලංකාවට පැමිණි මොවුන් දෙදෙනා, රාජ්‍ය බලය පැහැර ගත්තේය. ඔව්හු වසර 22 ක් මෙරට පාලනය කළෝය.

Friday, February 11, 2022

King Surathissa / සූරතිස්ස රජතුමා

Reign     : B.C. 247-237

Kingdom : Anuradhapura

Father      :  King Mutaseeva
Brothers   : Abhaya, Devanampiyatissa, Mahanaga, Uttiya, Meththabhaya, Mitta, Siva, Asela,
                 Keera.
Sisters     : Anula, Seevali


Prince surathissa was a younger brother of king Maha Shiva. His first name was Suwanthapinda Thissa. 
He was a good Buddhist and done many works to the religion even before he came to king. He built many temples including, "Naranga viharaya, Haththikanda viharaya, Kolambahalaka viharaya, Malkulaka viharaya, Achchagallaka viharaya and Girinalawa viharaya.

He ruled the country for 10 years.

King Surathissa was defeated by two South Indian Tamil invaders (horse traders) called Sena and Guththika.




රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 247 - 237
රාජධානිය : අනුරාධපුරය
පියා : මුටසීව රජතුමා
සහෝදරයින් : අභය, දේවානම්පියතිස්ස, මහානාග, උත්තිය, මෙත්තාභය, මිත්ත, සිව, අසේල, කීර.
සහෝදරියන් : අනුලා, සීවලී 
 

සූරතිස්ස කුමරු මහා ශිව රජුගේ බාල සහෝදරයෙකි. ඔහුගේ මුල් නම සුවපිණ්ඩ තිස්ස නම් විය.
ඔහු ඉතා හොඳ බෞද්ධයෙක් වූ අතර රජ වීමට පෙර සිටම ආගමට බොහෝ ලැඳිව කටයුතු කළේය. "නාරංග විහාරය, හත්ථිකන්ද විහාරය, කොලඹාලක විහාරය, මල්කුලක විහාරය, අච්චගල්ලක විහාරය, ගිරිනැලව විහාරය ඇතුළු විහාරස්ථාන රාශියක් ඔහු විසින් කරවන ලදී.

ඔහු වසර 10ක් රට පාලනය කළේය.

සූරතිස්ස රජු පරාජය කරනු ලැබුවේ සේන සහ ගුත්තික නම් වූ දකුණු ඉන්දීය දෙමළ ආක්‍රමණිකයන් (අශ්ව වෙළෙඳුන්) දෙදෙනකු විසිනි.

Wednesday, December 22, 2021

King Maha Siva / මහා සිව රජතුමා

Reign     : B.C. 257-247

Kingdom : Anuradhapura

Father      :  King Mutaseeva
Brothers   : Abhaya, Devanampiyatissa, Mahanaga, Uttiya, Meththabhaya, Mitta, Asela,
                 Keera, Tissa
Sisters     : Anula, Seevali


Prince Maha Siva was a younger brother of king Devanampiyatissa and Uttiya. King Uttiya also had not son. So prince Maha Sive became the king, after king Uttiya. 

He ruled the country for 10 years.


රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 257 - 247
රාජධානිය : අනුරාධපුරය
පියා : මුටසීව රජතුමා
සහෝදරයින් : අභය, දේවානම්පියතිස්ස, මහානාග, උත්තිය, මෙත්තාභය, මිත්ත, අසේල, කීර හා තිස්ස 
සහෝදරියන් : අනුලා, සීවලී 
 

මහා සිව කුමරා, දේවානම්පියතිස්ස හා උත්තිය රජවරුන්ගේ බාල සහෝදරයෙකි. උත්තිය රජුට ද පුතෙකු නොමැති වූ නිසා එතුමාගෙන් පසුව මහා සිව කුමරුට රජකම හිමි විය. ඔහුගේ රාජ්‍ය කාලය වසර 10 කි.


Sunday, December 19, 2021

King Uttiya - උත්තිය රජතුමා

Reign : B.C. 267-257
Kingdom : Anuradhapura
Father :  King Mutaseeva
Spouse : Abi-anuradha prince
Brothers   : Abhaya, Devanampiyatissa, Mahanaga, Meththabhaya, Mitta, Siva, Asela,
                 Keera, Tissa
Sisters     : Anula, Seevali


Prince Uttiya was a younger brother of king Devanampiyatissa. After Devanampiyatissa, prince Uttiya became the ruler of Sri lanka, because of Devanampiyatissa's only son died in childhood.

In the 8th year of the reign of king Uttiya,  Arhat Mahinda thero was died in 259 BC. Also Arhat Sangamitta theri was died in 258 BC. King Uttiya organized a state funeral for Arhat Mahinda thero and built the Mihintale Stupa. 

"Isibhumanganaya" was the place where Arhat Mahinda theros' cremation was done. And  Arhat Sangamiththa theris' cremation was held at "Chiththashala" .

රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 267 - 257
රාජධානිය : අනුරාධපුරය
පියා : මුටසීව රජතුමා
බිරිඳ : අබි අනුරාධා දේවිය
දියණිය : දේවි කුමරිය
සහෝදරයින් : අභය, දේවානම්පියතිස්ස, මහානාග, මෙත්තාභය, මිත්ත, සිව, අසේල, කීර හා තිස්ස 
සහෝදරියන් : අනුලා, සීවලී 
 


දේවානම්පියතිස්ස රජුට දරුවන් නොසිටි නිසා එතුමාගෙන් පසුව රජකම හිමි වුයේ උත්තිය කුමරුටයි. ඔහු රජ වී අටවැනි වසරේදී එනම් ක්‍රි. පූ. 259 දී මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ  සේක. 

උන්වහන්සේගේ ධාතු නිදන් කොට මිහින්තලා ස්ථූපය ගොඩනඟන ලදී. එමෙන්ම මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා දිවයිනේ විවිධ ආගමික ස්ථානවලට යවා නිධන් කොට ස්ථූප ගොඩනැංවීමට කටයුතු කරන ලද්දේය. උන්වහන්සේ ආදාහනය කළ ස්ථානය "ඉසිභුමංගනය" නම් විය.

මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා වසරකට පසු එනම් ක්‍රි. පූ. 258 දී සංඝමිත්තා තෙරණින් වහන්සේද පිරිනිවන් පෑ  සේක. සංඝමිත්තා තෙරණින් වහන්සේ ආදාහනය කළ ස්ථානය "චිත්තශාලා" නම් වුයේය. 

උත්තිය රජතුමා වසර 10 ක් රජකම් කළ අතර එම කාලය ඉතා යහපත් හා සාමකාමී එක්ක විය. 



Prince Maha Siva was a younger brother of king Devanampiyatissa and Uttiya. King Uttiya also had not son. So prince Maha Sive became the king, after king Uttiya. 

He ruled the country for 10 years.









Tuesday, June 11, 2019

King Devanampiyathissa - දේවානම්පියතිස්ස රජතුමා

රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 307 - 267
රාජධානිය : අනුරාධපුරය
පියා : මුටසීව රජතුමා
සහෝදරයින් : අභය, මහානාග, උත්තිය, මෙත්තාභය, මිත්ත, සිව, අසේල, කීර හා තිස්ස 
සහෝදරියන් : අනුලා, සීවලී 


මෙම රජතුමාගේ කාලය තුල මහින්දාගමනය සිදුවිය. දේවානම්පියතිස්ස රජු හා ඉන්දියාවේ රජ කල ධර්මාශෝක අධිරාජයා අතර මිත්‍රත්වයක් තිබුණි. ඒ අනුව ධර්මාශෝක අධිරාජයා බුදු සසුන ව්‍යාප්ත කිරීම සඳහා ධර්මදූතයන් වහන්සේලා විවිධ ප්‍රදේශවලට පිටත් කර යැව්වේය. එතුමාගේ පුත්‍රයා වූ මහින්ද (මිහිඳු) මහරහතන් වහන්සේ ලංකාවට බුදු දහම රැගෙන වැඩිසේක.

දේවානම්පියතිස්ස රජු බුදුන්වහන්සේගේ "අකුධාතුව" නිධන් කරවා සෑදූ ථූපාරාම දාගැබ. වෙස්සගිරිය, පඨමථූපය, ජම්බුකොල විහාරය, මහාපාලි දාන ශාලාව, හත්ථාල්හක විහාරය, කාල ප්‍රාසාද පිරිවෙන, සුණ්හාක පිරිවෙන ආදී ආගමික සිද්ධස්ථාන ගණනාවක් කර විය. මහමෙව්නා උයන මිහිඳු හිමියන්ට පූජා කළේය.

සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් මෙරටට වැඩමවූ ශ්‍රී මහා බෝධි ශාඛාව මහමෙව්නා උයනේ රෝපණය කරන ලදී.

ශ්‍රී ලංකාවේ බුදු සසුන ස්ථාපිත කොට බෞද්ධ රාජ්‍යක් බවට පත්කළේය. දහමින් හා සමයෙන් රට පාලනය කල දේවානම්පියතිස්ස රජතුමා වසර 40 ක් රජකම් කළේය.

Rulling time : B.C. 307 -267
Kingdom : Anuradhapura
Father :  King Mutaseeva

Brothers   : Abhaya, Mahanaga, Uttiya, Meththabhaya, Mitta, Siva, Asela,
                 Keera, Tissa
Sisters     : Anula, Seevali


King Devanampiyathissa was a best friend of  Emperor Dharmashoka in India. The Emperor wanted to spread the Buddhism to neighboring countries. He sent his son, Mahinda Thero to Sri lanka. King Devanampiyathissa established Buddhism in Sri Lanka and ruled the country with Buddhist teaching.

He constructed Thuparama Stupa, the first stupa which enshrined the right collor bone of the Lord Buddha.

Planted the Sacred Shri Maha Bodhi (under which the Lord Buddha attained enlightenment) in Mahamevna Park.

He ruled the country for 40 years. It was peaceful and prosperous time in the country.





Thursday, March 14, 2019

King Mutaseeva - මුටසීව රජතුමා

රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 367 - 307
රාජධානිය : අනුරාධපුරය
පියා : පණ්ඩුකාභය රජතුමා
මව : ස්වර්ණපාලී කුමරිය
දරුවන්  : අභය, දේවානම්පිය තිස්ස, මහානාග, උත්තිය, මෙත්තාභය, මිත්ත, සිව, අසේල,කීර, තිස්ස, අනුලා, සීවලී

මෙම රජතුමාගේ කාලය සාමකාමී කාලයක් විය. මෙතුමා අනුරාධපුර නගරය තුල "මහා මේඝ වනෝද්‍යානය (මහමෙව්නා)" සහ අනුරාධපුර නගරයේ දකුණු පසින් "නන්දන උද්‍යානය" පිහිටවනු ලැබීය. මෙතුමා වසර 60 ක් රාජ්‍ය පාලනය කළේය.

Rulling time : B.C. 367-307
Kingdom : Anuradhapura
Father :  King Pandukabhaya
Mother : Queen Swarnapali
Children : Abhaya, Devanampiya thissa, Mahanaga, Uththiya, Meththabhaya, Miththa, Siva, Asela,                     Keera, Thissa, Anula and Seevali

It was peacefull time in the kingdom. He established "Maha Megha Park (Mahamewna)" in the city and "Nandana park" in the south of the city. He ruled 60 years.


Elara / එළාර

 Reign Period: B.C. 205 - 161 Elara was a Soli king who came from South India. He came with a large army, defeated King Asela, and gained th...